Powered By Blogger

Thursday, January 26, 2012

Web Browser වලට සිංහල ඩික්ෂනරියක් ඕනිද?

ආයුබෝවන් යාලුවනේ. මම මගේ දෙවෙනි Blog එක තමා මෙ ඔයා කට්ටියට දෙන්න හදන්නේ. මගේ පළමු වෙනි Blog එකට Comment දාල මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මේකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.
ඒ ගොඩක් ඉංග්‍රීසි වචන වල තේරුම අපි නොදන්න නිසා ඒවා හොයන්න වෙහෙසෙන්න ඕනිනේ. දැන් එහෙම වෙන්න දෙයක් නැ. කරන්න තියෙන්න අපිට ඕනි ඉංග්‍රීසි වචනේ උඩ mouse pointer එක තියෙන එක විතරයි.
හැබැයි යාලුවනේ මම මෙ දෙන්න යන ඩික්ෂනරිය වලංගු වෙන්නේ Mozilla Firefox වලටයි Google Chrome වලටයි විතරයි. ගොඩක් යාලුවෝ උඩ සදහන් කරපු වෙබ් බ්‍රව්සර් භාවිතා  කරන නිසා මේක වැදගත් වේවි.
හරි වැඩිය කතා ඕනි නැනේ. අපි වැඩේට බහිමු.
පළවෙනියට මෙ ලින්ක් එකට යන්න.


 හරි. දැන් මෙ ලින්ක් එකට ගියාම අපිට තෝර ගන්න ඕනි වෙබ් බ්‍රව්සර් එක දෙන්න ඕනි.මෙතන පහල පෙන්නන්නේ ඒ ලින්ක් එකට ගියාම එන විදිය.


දැන් හරිනේ. එතැන ඔයාගේ වෙබ් බ්‍රව්සර්  එක දුන්නම මෙ වගේ එකක් එනවා.



එතනත්  ඩව්න්ලෝඩ් දෙන්න. හරි .
දැන් අපි ඊලග පියවරට යමු.
දැන්  එන්නේ මෙ වගේ තැනකට. එතනත් ඩව්න්ලෝඩ් දෙන්න.
 

හරිනේ යාලුවනේ. දැන් අන්තිම පියවර. SAVE කරන විදිය. මෙතැන හොද කල්පනාවෙන් කරන්න ඕනි.
දැන් save කරන්න මෙහෙම box එකක් එනවා.



මෙතැන open with කියන තැන Browse දීලා එතන ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එක install කරලා තියෙන තැන browser icon එක දෙන්න.


හරි. දැන් install කරන්න. ඊට පස්සේ දන්නවෙන් කරන්න ඕනි දේ. ගොඩක් සොෆ්ට්වෙයාර් Install කලාම වගේ මේකත් install කරලා PC එක restart කරන්න. එපමණයි.
දැන් ආයේ ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ලොග් වෙලා එකේ තියෙන ඕනෑම ඉංග්‍රීසි වචනයක් උඩ Mouse Pointer එක තියන්න. එතකොට ඒ අදාල ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම බලා ගන්න පුළුවන්.
ඔයාලත් උත්සහ කරලා බලන්න.
මමත් Firefox වල ඔයා ඩික්ෂනරි එක දාගෙන ඉන්නේ.

මේක බලල හොද නරක කියන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සේරම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.

Saturday, January 21, 2012

චයිනීස් ෆෝන් වල කැමරාව WEB CAM එකක් විදියට පාවිච්චි කරමුද?

කොහොමද  යාලුවනේ. මමත් පොඩි Blog එකක් හදන්න හිතුවා. පලවෙනි එක නිසා වැරදි ඇති. ඒවා පෙන්නලා දීල සහයෝගයක් දෙන්න හොදේ.
වැඩේ  මේකයි. චයිනිස් ෆොන් දැන් ලංකාවේ ඉන්න අයගෙන් 50% වැඩිය පාවිච්චි කරනවා. මිල අඩු කමයි, වැඩ වැඩි කමයි වෙන්න ඇති. මමත් පාවිච්චි කරන්නේ ඒකක්ම තමයි. අනම් මනං ඕනි නැ. වැඩේට බහිමු. ඔයාලගේ චයිනිස් ෆෝන් එකේ කැමරාව වෙබ් කැම් එකක් විදියට USE කරන්න පුළුවන් කියල ඔයාල දන්නවද?
කරන්න ඕනි මේකයි.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයාර් කැල්ල බාගන්න.
මෙතැන ක්ලික් කරන්න. 
මේක 300Kb විතර පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්‌.
දැන් වැඩේ හරි.
ඔය ගොල්ලන්ගේ චයිනිස් ෆෝන් එක USB Cable එක ගහල PC එකට සම්බන්ද කරන්න.එතකොට ෆොන් එකේ මෙහෙම මැසේජ් එකක් එනවා.
  • Mass Storage
  • Web Cam
ඒකෙන් වෙබ් කැම් select කරන්න.
දැන්  වැඩේ හරි. එත් ගැටලුව තියෙන්නේ කොහෙද මේක පෙන්නන්නේ කියලනේ?
හරි. එකට
Start --- All Programs යන්න. එතන උඩම තියෙනවා AM Cap කියල ඔය කට්ටිය ස්ථාපිත කරපු සොෆ්ට්වෙයාර් එක. එතැන ක්ලික් කලාම වැඩේ ගොඩ.
දැන් හරිනේ. බලන්න ඔබේ සොඳුරු මුහුණ පේනවා නේද කියල.
ගොඩක්  Driver less web cam වලටත් මේ සොෆ්ට්වෙයාර් එක හරියනවා.
හැබැයි මයික් එකක් ඔයාල හොයා ගන්න හොදේ.
මේක බලල හොදද කියල කියන්නකෝ. අයෙ හමු වෙමු.