Powered By Blogger

Tuesday, February 21, 2012

සොෆ්ට් වෙයාර් නැතිව පාස් වර්ඩ් දාල ඩ්‍රයිවර්ස් ලොක් කරමුද?


ඉතින් කොහොමද යාලුවනේ? සේරම හොදින් නේද? මම මේ ලියන්නේ මගේ හතර වෙනි බ්ලොග් ඒක. කලින් සැරේ වගේ මේකත් බලල හොද නරක කියන්නකෝ හොදේ.
අපේ පරිගණකයේ තියෙන තියෙන ඩ්‍රයිවර්ස් වල අපිට වටිනා ගොඩක් තොරතුරු දල තියෙන්න පුලුවනිනේ . එහෙම දාල තියෙන ඒවා වෙන කෙනෙක් ඇවිත් මකල දැම්මොත්, එහෙම නැත්නම් ඒවා හොරෙන් අරන් ගියොත් එකේ පාඩුව අපිටමනෙ. ඒක නිසා අපි අපේ පරිගනකේ  ආරක්ෂාව ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනි නේද? විශේෂයෙන්ම අපේ කාර්යාලයේ තියෙන පරිගණකය ගැන නම් ගොඩක් කල්පනා කාරී වෙන්න ඕනි. මොකද ඒක ගොඩ දෙනෙක් පාවිච්චි කරන නිසා. එහෙම නේද යාලුවනේ.
දැන් ඉතින් එකට බය වෙන්න දෙයක් නැ. මම මේ කියන්න යන විදියට කලාම ඔයාලගේ වටිනා තොරතුරු තියෙන ඩ්‍රයිවර්ස් ( C, D, E, F ) , යු එස් බී ඩ්‍රයිවර්ස් ලේසියෙන්ම පාස් වර්ඩ් එකක් දාලා ලොක් කරලා තමන්ගේ වටිනා තොරතුරු ආරක්ෂා කර ගන්න පුළුවනි.
හරි වැඩි කතා ඕනි නැ. අපි කෙලින්ම වැඩේට බහිමුකො. සේරටම කලින් කියන්න ඕනි මේ පහසුකම භාවිත කරන්න පුළුවන් windows 7 දාගෙන ඉන්න යාළුවන්ට විතරයි. අපේ යාලුවෝ ගොඩ දෙනෙක් 7 පාවිච්චි කරන නිසා මේක වැදගත් වේවි.

එහෙනම් අපි වැඩේ පටන් ගමු.

ඉස්සෙල්ලාම Control Panel එකට යන්න. එතන තියෙනවා Bit Locker Drive Encryption කියල තැනක්.


හරිනේ යාලුවනේ. දැන් ඒක ක්ලික් කරන්න. එතකොට මෙහෙම තමයි දකින්න පුළුවන්.

මෙතන පෙන්නන්නේ ඔයාලගේ තියෙන ඩ්‍රයිවර්ස් ටික. එතනින් ඔයාලට පාස් වර්ඩ් දාල තියාගන්න ඕනි ඩ්‍රයිවර්ස් එක යට තියෙන turn on Bit Locker කියන එක ක්ලික් කරන්න. ඔය උඩ  ඉමේජ් එකේ යටම Rangana කියල පෙන්නලා තියෙන්නේ මගේ පෙන් ඩ්‍රයිව් එක හොදේ. එහෙම නැත්නම් control panel යන්නේ නැතිව ඔයාලට ඕනි ඩ්‍රයිවර්ස් ඒක උඩ රයිට් ක්ලික් කරන්න. එතැනත් තියෙනවා turn on Bit locker කියල තියෙනවා. ඒක ක්ලික් කරන්න.

 දැන් එන්නේ මෙතනට


මෙතැන ආරක්ෂාව ඕනි කරන ඩ්‍රයිවර්ස් එක සුදානම් කරනවා. ඊට පස්සේ මෙතනට තමයි යාලුවනේ එන්නේ


මෙතැන use the password to unlock the drive කියන තැන ඉස්සරහ හරි ලකුණ දාල ඔයාල කැමති පාස් වර්ඩ් එකක් දෙන්න. පාස් වර්ඩ් එකක් දෙනකොට යාලුවෝ මතක තිය ගන්න ඕනි වැදගත්ම දේවල් දෙකක් තියෙනවා. එක තමයි ලේසියෙන්ම මතක තිය ගන්න පුළුවන් වෙන්න ඕනි. දෙක තමයි වෙන කෙනෙක්ට අනුමාන කරන්න අපහසු වෙන්න ඕනි.

හරිනේ ඔයාලට සුදුසු පාස් වර්ඩ් එකක් දීල ඊට පස්සේ next කරන්න.


මෙතැනsave the recovery key to a file කියන එක දීල ඔයාලට සුදුසු තැනක සේව් කර ගන්න . ඕනි නම ප්‍රින්ට් කර ගන්නත් පුලුවනි. ඔයාලට දාපු පාස් වර්ඩ් එක අමතක උනොත් ඔය recovery ඒකෙන් පුළුවනි ඩ්‍රයිවර්ස් එකේ ලොක් එක අර ගන්න.
ඊලගට next කරන්න.

දැන් එන්නේ මෙතනට


මෙතැන start encrypting කියන එක කලීක කරන්න. දැන් ඔයාලගේ ඩ්‍රයිවර් එක ලොක් කරන්න  පටන් ගන්නවා.

මගේ යාලුවනේ මේක විශේෂයෙන්ම මතක තිය ගන්න ඕනි. අදාල ඩ්‍රයිවර්ස් එක ලොක් වෙන්න තරමක් වෙලා ගන්නවා. ඒ කාලය ඇතුලත මොන හේතුවක් නිසාවත් ඔයාල ලොක්  කරන්න යන ඩ්‍රයිවර්ස් ඒක පරිගණකයත් එක්ක තියෙන සම්බන්දතාවය විසන්ධි වෙන්න  දෙන්න එපා. එහෙම උනොත් ඔයාලගේ දත්ත වලට හානි වෙන්න පුළුවනි. යූ පී එස් එකක් තියේනම් වඩාත් හොදයි.

හරිනේ   යාලුවනේ. ඊලගට එනව ඔයාලගේ ඩ්‍රයිවර්ස් ඒක ලොක් උනා කියල. දැන් රිෆ්‍රෙශ් පාරක් එහෙම දාල බලන්න . ඔයාල ලොක් කරපු ඩ්‍රයිවර්ස් ඒක පෙන්නන්නේ මෙහෙම.



හරිනේ. දැන් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට මේ වගේ පාස් වර්ඩ් ඒක ඉල්ලයි.




දැන් පාස් වර්ඩ් ඒක දීල අන්ලොක් කරන්න. එපමණයි.

කව්රු හරි යාලුවෙක්ට මේකේ පාස් වර්ඩ් ඒක අයින් කරන්න හිතුනොත් ඉස්සෙල්ල ඩ්‍රයිවර්ස් ඒක අන්ලොක් කරන්න . ඊට පස්සේ අයෙ කන්ට්‍රෝල් පැනල් යන්න. ඒ අදාල ඩ්‍රයිවර්ස් ඒක බලන්න.





 
එතැන  Turn off Bit Locker දෙන්න. එහෙනම් වැඩේ හරිනේ. වැඩේ කරලා බලලා හොද නරක කියන්නකෝ.
එහෙනම් මම කැපුනා හොදේ.
උපුටා ගැනීම සපුරා තහනම් හොදේ......එකත් කියන්න ඕනිනේ .....

Sunday, February 5, 2012

අපි භාවිතා කරන web sites ආරක්ෂාකාරි ද කියල දැන ගමු.

කොහොමද යාලුවනේ. සේරම හොදින් නේද? ඔන්න මමඅදත් පොඩි software එකක් අරන් ආවා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන web sites ආරක්ෂා කාරී ද කියල දන්නේ නැති උනාම ලොකු ගැටළු වලට මුණ පාන්න වෙනවා. මම මෙ ලගදි spam site එකකට ගිහින් බොහොම අමාරුවෙන් ගොඩ අවේ. දැන් ඉතින් ඒවාට බය වෙන්න දෙයක් නැ. මම මෙ දෙන්න යන software එකෙන් ඔයාලට පුළුවන් ඔයාල click කරන්න යන site එක ආරක්ෂා කාරී ද කියල බලල ඇතුල් වෙන්න. එතකොට ඔයාලට බය නැතිව අදාල site එකට ගිහින් වැඩේ කර ගන්න පුළුවන්.

මම මෙ කියන software එක දෙන්නේ McAfee එකෙන්.

මෙතන Click  කරලා software එක free බාගන්න.

දැන්  බාගත්ත software එක Install කරගන්න.
ඊට පස්සේ ඔයාලගේ Browser එක restart කරන්න.

එපමණයි. දැන් එන්නකෝ ලින්ක් දල තියෙන තැනකට. ඒ කිව්වේ පරිගණක උදව් එකට. දැන් බලන්න අපේ යාලුවෝ දල තියෙනලින්ක් වලට ඉදිරියෙන් සලකුනක් වැටිලා ඇති මෙ වගේ.



ලින්ක් එක ඉස්සරහින් කොළ පාටින්  හරියක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ආරක්ෂා කාරී එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් කහ  පාටින්  ප්‍රශ්නාර්ථයක්  වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ගැටළු කාරී ආරක්ෂාව අඩුයි එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් රතු  පාටින්  කතිරයක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක අවදානම්කාරී  කියන එකයි.

එහෙනම් හරිනේ. ඔන්න අපි ගියා.  මේක බලල කුරු හරි යාලුවෙක් වැඩක ගත්තනම් එක තමයි මගේ සතුට.
 මේකේ හොද නරක බලල මට කියන්න හොදේ. හැමදාම වගේ ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා ගොඩක් වැදගත් වෙනවා මට. එහෙනම් සුබම් යාලුවනේ.

Thursday, January 26, 2012

Web Browser වලට සිංහල ඩික්ෂනරියක් ඕනිද?

ආයුබෝවන් යාලුවනේ. මම මගේ දෙවෙනි Blog එක තමා මෙ ඔයා කට්ටියට දෙන්න හදන්නේ. මගේ පළමු වෙනි Blog එකට Comment දාල මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
මේකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.
ඒ ගොඩක් ඉංග්‍රීසි වචන වල තේරුම අපි නොදන්න නිසා ඒවා හොයන්න වෙහෙසෙන්න ඕනිනේ. දැන් එහෙම වෙන්න දෙයක් නැ. කරන්න තියෙන්න අපිට ඕනි ඉංග්‍රීසි වචනේ උඩ mouse pointer එක තියෙන එක විතරයි.
හැබැයි යාලුවනේ මම මෙ දෙන්න යන ඩික්ෂනරිය වලංගු වෙන්නේ Mozilla Firefox වලටයි Google Chrome වලටයි විතරයි. ගොඩක් යාලුවෝ උඩ සදහන් කරපු වෙබ් බ්‍රව්සර් භාවිතා  කරන නිසා මේක වැදගත් වේවි.
හරි වැඩිය කතා ඕනි නැනේ. අපි වැඩේට බහිමු.
පළවෙනියට මෙ ලින්ක් එකට යන්න.


 හරි. දැන් මෙ ලින්ක් එකට ගියාම අපිට තෝර ගන්න ඕනි වෙබ් බ්‍රව්සර් එක දෙන්න ඕනි.මෙතන පහල පෙන්නන්නේ ඒ ලින්ක් එකට ගියාම එන විදිය.


දැන් හරිනේ. එතැන ඔයාගේ වෙබ් බ්‍රව්සර්  එක දුන්නම මෙ වගේ එකක් එනවා.



එතනත්  ඩව්න්ලෝඩ් දෙන්න. හරි .
දැන් අපි ඊලග පියවරට යමු.
දැන්  එන්නේ මෙ වගේ තැනකට. එතනත් ඩව්න්ලෝඩ් දෙන්න.
 

හරිනේ යාලුවනේ. දැන් අන්තිම පියවර. SAVE කරන විදිය. මෙතැන හොද කල්පනාවෙන් කරන්න ඕනි.
දැන් save කරන්න මෙහෙම box එකක් එනවා.



මෙතැන open with කියන තැන Browse දීලා එතන ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එක install කරලා තියෙන තැන browser icon එක දෙන්න.


හරි. දැන් install කරන්න. ඊට පස්සේ දන්නවෙන් කරන්න ඕනි දේ. ගොඩක් සොෆ්ට්වෙයාර් Install කලාම වගේ මේකත් install කරලා PC එක restart කරන්න. එපමණයි.
දැන් ආයේ ඔයාලගේ වෙබ් බ්‍රව්සර් එකට ලොග් වෙලා එකේ තියෙන ඕනෑම ඉංග්‍රීසි වචනයක් උඩ Mouse Pointer එක තියන්න. එතකොට ඒ අදාල ඉංග්‍රීසි වචනයේ සිංහල තේරුම බලා ගන්න පුළුවන්.
ඔයාලත් උත්සහ කරලා බලන්න.
මමත් Firefox වල ඔයා ඩික්ෂනරි එක දාගෙන ඉන්නේ.

මේක බලල හොද නරක කියන්න. ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සේරම මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.

Saturday, January 21, 2012

චයිනීස් ෆෝන් වල කැමරාව WEB CAM එකක් විදියට පාවිච්චි කරමුද?

කොහොමද  යාලුවනේ. මමත් පොඩි Blog එකක් හදන්න හිතුවා. පලවෙනි එක නිසා වැරදි ඇති. ඒවා පෙන්නලා දීල සහයෝගයක් දෙන්න හොදේ.
වැඩේ  මේකයි. චයිනිස් ෆොන් දැන් ලංකාවේ ඉන්න අයගෙන් 50% වැඩිය පාවිච්චි කරනවා. මිල අඩු කමයි, වැඩ වැඩි කමයි වෙන්න ඇති. මමත් පාවිච්චි කරන්නේ ඒකක්ම තමයි. අනම් මනං ඕනි නැ. වැඩේට බහිමු. ඔයාලගේ චයිනිස් ෆෝන් එකේ කැමරාව වෙබ් කැම් එකක් විදියට USE කරන්න පුළුවන් කියල ඔයාල දන්නවද?
කරන්න ඕනි මේකයි.
ඉස්සෙල්ලම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයාර් කැල්ල බාගන්න.
මෙතැන ක්ලික් කරන්න. 
මේක 300Kb විතර පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්‌.
දැන් වැඩේ හරි.
ඔය ගොල්ලන්ගේ චයිනිස් ෆෝන් එක USB Cable එක ගහල PC එකට සම්බන්ද කරන්න.එතකොට ෆොන් එකේ මෙහෙම මැසේජ් එකක් එනවා.
  • Mass Storage
  • Web Cam
ඒකෙන් වෙබ් කැම් select කරන්න.
දැන්  වැඩේ හරි. එත් ගැටලුව තියෙන්නේ කොහෙද මේක පෙන්නන්නේ කියලනේ?
හරි. එකට
Start --- All Programs යන්න. එතන උඩම තියෙනවා AM Cap කියල ඔය කට්ටිය ස්ථාපිත කරපු සොෆ්ට්වෙයාර් එක. එතැන ක්ලික් කලාම වැඩේ ගොඩ.
දැන් හරිනේ. බලන්න ඔබේ සොඳුරු මුහුණ පේනවා නේද කියල.
ගොඩක්  Driver less web cam වලටත් මේ සොෆ්ට්වෙයාර් එක හරියනවා.
හැබැයි මයික් එකක් ඔයාල හොයා ගන්න හොදේ.
මේක බලල හොදද කියල කියන්නකෝ. අයෙ හමු වෙමු.